www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව ගමන් බලපත්‍ර විදේශ ගමන් බලපත්‍ර හා බැදි නිතර අසන පැන
විදේශ ගමන් බලපත්‍ර හා බැදි නිතර අසන පැන
මගේ ගමන් බලපත්‍රය නැතිවිය. මා කළ යුත්තේ කුමක්ද ?
නැතිවීම පිළිබඳ විස්තරය
ඔබගේ ගමන් බලපත්‍රය නැති වූ විට හෝ හොරකම් කළ විට හැකි ඉක්මණින් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කළ යුතු අතර පොලිස් වාර්තාවේ පිටපතක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතුය. නැවත ගමන් බලපත්‍රයක් ගැනීමට අයදුම් කරන්නේ නම් මෙම පොලිස් වාර්තාව අයදුම් පත සමඟ ඉදිරිපත් කළ යුතුය.

වලංගු ගමන් බලපත්‍රයක් නැති වූ විට දඩ මුදල ( M කාණ්ඩයේ ගමන් බලපත්‍රයක් නිකුත් කළ දින සිට අවු.10ක කාල සීමාවකට වලංගු ලෙස සැලකේ).
රු. 11,500.00ක දඩයක් නියම කරනු ඇත.

ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ ඉල්ලුම් පත සහතික කළ හැකි අය කවරහුද ?
2015 අගෝස්තු මස 10 වන සිට ගමන් බලපත් අයදුම්පත්‍ර සහතික කරන කිරීම අවශ්‍ය නොවේ.
 

පුවත් හා සිදුවීම්

කුරුණෑගල ප්‍රාදේශිය කාර්යාලය නව ගොඩනැගිල්ලක ස්ථාපනය කිරීම

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

කුරුණෑගල ප්‍රාදේශිය කාර්යාලය වෙනත් ගොඩනැගිල්ලක ස්ථාපනය කිරීම

කුරුණෑගල, දඹුල්ල පාර, අංක 129 දරණ ස්ථානයේ පිහිටි මෙම දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ප්‍රාදේශිය කාර්යාලය  සේවා ලාභී මහජනතාව සඳහා වඩාත් පහසු හා කාර්යක්ෂම සේවාවක් සැපයීම උදෙසා 2020 ඔක්තෝම්බර් මස 05 වන සඳුදා දින සිට අංක 95, මීගමු පාර, කුරුණෑගල යන ලිපිනයේ ස්ථාපනය කරනු ලබයි.

එබැවින් කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය මඟින් සිදුකල සියලු කටයුතු නව සේවා ස්ථානයේ දී සිදුකරන බව කාරුණිකව දන්වා සිටින අතර පැරණි කාර්යාලයේ ස්ථාපනය කර ඇති පරිඝණක පද්ධතියේ කටයුතු  නව ගොඩනැගිල්ලේ ස්ථාපන කිරීම  2020 ඔක්තෝම්බර් මස 02 වන දින (සිකුරාදා) සිදුකරන බැවින් එදිනට පමණක් කුරුණෑගල ප්‍රාදේශිය කාර්යාලය මහජනයා සඳහා විවෘතව නොපවතින බවද වැඩිදුරටත් දන්වා සිටිමි.

 

පාලක ජනරාල්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව


 
Foreign Nationals are not allowed to enter Sri Lanka until further notice

All types of Visas already granted to all foreign nationals and not arrived to Sri Lanka yet, have been temporarily suspended. They will not be allowed to enter Sri Lanka until further notice.


 
Suspension of issuance of Visas in Sri Lanka due to the COVID – 19 Outbreak

All types of Visa issuance to enter Sri Lanka for all countries have been temporarily suspended


 

Location