www.gov.lk Sinhala Ganna Tamil Ganna
Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව පුරවැසිභාවය විදේශික උපත් ලියාපදිංචි කිරීම
විදේශයකදි උපන් ශ්‍රී ලාංකික දරුවන් ගේ උපත් ලියාපදිංචි කිරීම.
මෙය අදාළ වන්නේ කා හට ද?
ශ්‍රී ලාංකික දෙමව්පියන්ට (අවම වශයෙන් දෙමව්පියන්ගෙන් එක් අයකු වත් ශ්‍රී ලාංකික විය යුතුය) ශ්‍රී ලංකාවෙන් පිටතදී උපන් දරුවන්ට දරුවාගේ පුරවැසිභාවය තහවුරු කිරීම සඳහා උපතේ සිට අවම වශයෙන් වසරක් වත් ඇතුලත මෙම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතුය.

වසරක් ඇතුලත මාගේ දරුවාගේ උපත ලියාපදිංචි කිරීමට නොහැකි වුවහොත් සිදුවනුයේ කුමක් ද?
උපත ලද දිනයේ සිට වසරක් ඇතුලත උපත ලියාපදිංචි කිරීමට අපොහොසත් වුවහොත් වසරකට නිශ්චිත මුදලක් බැගින් අතිරේක ගාස්තුවක් පනවනු ඇත.

සම්පූර්ණ කළ ඉල්ලුම්පත්‍රය සමග භාරදිය යුතු ලිපිලේඛන මොනවාද ?
  1. දරුවාගේ උපත සිදු වූ රටෙන් නිකුත් කළ උප්පැන්න සහතිකය (උප්පැන්න සහතිකයේ මුල් පිටපත ඉංග්‍රීසි භාෂාවෙන් නොමැති නම්, එහි ඉංග්‍රීසි පරිවර්තනයක් ඇමිණිය යුතුය)
  2. ශ්‍රී ලංකාවේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ කොන්සල් කාර්යාල උප්පැන්න සහතිකය.
  3. දෙමව්පියන්ගේ උප්පැන්න සහතික වල මුල් පිටපත්.
  4. ඉල්ලුම්කරු (පියා හෝ මව) ලියාපදිංචි ශ්‍රී ලාංකික පුරවැසියකු නම් අදාළ සහතිකය.
  5. දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ මුල් පිටපත.
  6. දරුවාගේ උපත සිදු වූ අවස්ථාවේ විදේශික පදිංචිය තහවුරු කිරීම සදහා දෙමව්පියන් භාවිතා කළ ගමන් ලිපිලේඛන හා වීසා වල මුල් පිටපත්.

ඉල්ලුම්පත්‍රයක් ලබාගත හැකි ස්ථානය.
  1. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පුරවැසි අංශය, "සුහුරුපාය", බත්තරමුල්ල.
  2. පදිංචි රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය.
  3. ඉල්ලුම්පතේ මුද්‍රිත පිටපතක් ලබාගැනීමට මෙම ස්ථානය ක්‍රියා කරවන්න.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශය ඉල්ලුම්පත් පරීක්ෂා කර ඉල්ලුම්කරුට යැවීම සඳහා සහතික පත්‍ර අදාළ ශ්‍රී ලංකා දූත මණ්ඩලයට තැපැල් කරනු ඇත.

සැකසුම් ගාස්තු පිළිබඳ තොරතුරු ලබාගැනීමට මෙම ස්ථානය ක්‍රියා කරවන්න.

ඉල්ලුම් පත්‍රය භාරදිය හැක්කේ කෙසේද ?
  1. නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත් අවශ්‍ය කරන ලිපි ලේඛන මුල් පිටපත් හා ඡායා පිටපත් සමග කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ පුරවැසි අංශයට භාර දෙන්න.
  2. දරුවාගේ උපත සිදු වූ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය හරහා නිසි පරිදි සම්පූර්ණ කළ අයදුම්පත් අවශ්‍ය ලිපිලේඛන හා ඒවායේ පිටපත් සමග ඉදිරිපත් කළ හැකිය.
සටහන:
  • දරුවාගේ උපතේ සිට වසරක් ඇතුලත උපත ලියාපදිංචි කළ යුතුය. ඊට අපොහොසත් වුවහොත් අතිරේක ගාස්තුවක් පනවනු ඇත.
  • විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩලයක් හරහා ඉල්ලුම්පත් භාර දෙන විට දූත මණ්ඩලයේ බලයලත් නිලධාරියකු මගින් සියලු ලිපිලේඛන සහතික කරගත යුතු අතර එම නිලධාරියාගේ අත්සන සහ රබර් මුද්‍රාව එහි සටහන් විය යුතුය.
පුරවැසිභාවය ලියාපදිංචිය - ගාස්තු
විදේශයකදි උපන් ශ්‍රී ලාංකික දරුවන් ගේ පුරවැසිභාවය ලියාපදිංචි කිරීම.
රු (ශ්‍රී ලංකා)
නියමිත කාලය තුල සකස් කරන ලද ඉල්ලුම්පතක් සඳහා (උපතේ සිට පළමු වසර ඇතුළත)
5,750
ප්‍රමාද වූ ඉල්ලුම්පතක් සඳහා එක් වසරකට
500
ගෙවීමේ ක්‍රියාවලිය
ඉල්ලුම්පත භාරදෙන අවස්ථාවේ ගෙවීම් සිදුකළ යුතුය. පසුව පරීක්ෂා කිරීම සඳහා කුවිතාන්සිය තබාගත යුතුය.
 

 


 

NEW....Media Notice
Extension of Russian and Ukraine tourist visa - 16-06-2022

(EnglishSinhala/Tamil)

 


 

Media Notice
16-05-2022
(English / Sinhala/ Tamil)

 


 

 

Circular -OM/2021/01
Overseas Missions



 

Media Notice - 05/10/2021 - Passport
(English / Sinhala/ Tamil )


 

Media Notice - 05/10/2021 -Visa Extension
(English / Sinhala/ Tamil )

 


 

Media Notice 2021-08-28 - Visa Fees
(English / Sinhala/ Tamil )

 


 

GUIDELINES FOR TRAVELLERS ARRIVING FROM OVERSEAS

 


NOTICE TO OWNERS OF REGISTERED PHOTO STUDIOS

 


 

 

Information with regard to applying for ETA

 


 


 

You must make an appointment.

Appointments are open now......

 


fingerprintNew... Capturing Finger Prints for passports obtained from Overseas Missions


 

Notice to the all Residence Visa Applicants




INSTRUCTION FOR OVERSEAS APPLICANTS

 

Dual Citizenship Pending List

api_wenu_api

Location