වීසා බලපත්‍ර දීර්ඝ කිරීම - නිවේදනය - V |
![]() |
![]() |
![]() |
ශ්‍රී ලංකාවේ විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර දීර්ඝකිරීම ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයන් සඳහා වීසා බලපත්‍ර දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2020.05.09 දිනැතිනිවේදනයට වැඩිමනත් වශයෙනි. කොවිඩ් -19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන්, දැනට ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින සියලුම විදේශිකයින්ට නිකුත් කර ඇති සියලුම වර්ගවල වීසා බලපත්‍රයන්හි වලංගු කාලය 2020 ජුනි 11 දක්වා දීර්ඝ කරන ලද අතර එදිනට හෝ ඊට පෙර දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීමෙන් අනතුරුව දෙපාර්තමේන්තුවට පැමිණ වීසා ගාස්තු ගෙවා අදාළ වීසාව ගමන් බලපත්‍රයේ පිටසන් කර ගන්නා ලෙස උපදෙස් දෙන ලදී. කෙසේ වුවද, බොහෝ රටවල ගුවන්තොටුපලවල් තව දුරටත් වසා තිබීම හේතුවෙන් දැනට ශ්‍රී ලංකාවේ රැඳී සිටින බොහෝ විදේශිකයින්ට මෙතෙක් මෙරටින් පිටව යාමට නොහැකි වී ඇති අතරම එම සංඛ්‍යාව ඉහළ බැවින් 2020 ජුනි 11 දිනට පෙර ඉහත ක්‍රමවේදය ඔස්සේ හමුවක් වෙන් කරවා ගැනීමටද ඔවුන් බොහොමයකට අවස්ථාව නොලැබී ගොස් ඇති බව දෙපාර්තමේන්තුව නිරීක්ෂණය කරන ලදී. ඉහත සඳහන් තත්වයන් සැලකිල්ලට ගනිමින්, දැනට දිවයිනේ වෙසෙන සියළුම විදේශිකයින්හට ඔවුන්ගේ වීසා බලපත්‍ර විධිමත් කර ගැනීම සඳහා 2020 ජූනි 11 සිට 2020 ජූලි 11 දක්වා බලපැවැත්වෙන පරිදි සියලු වර්ගවල වීසා බලපත්‍රයන්හි වලංගු කාලය තවත් දින 30 කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙන බව කාරුණිකව දන්වමු. එබැවින් පහත දක්වා ඇති උපදෙස් පරිදි කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
|
Information with regard to applying for ETA
Suspension of Visas in Sri Lanka due to the COVID – 19 Outbreak Country wise Details
Head Office and all our regional offices are open from 09/11/2020 for public services. You must make an appointment.
Appointments are open now......
Extension of Sri Lankan Visa
New Procedure for Visa Exempted Countries
New... Capturing Finger Prints for passports obtained from Overseas Missions
INSTRUCTION FOR OVERSEAS APPLICANTS
IMPORTANT NOTICE TO OWNERS OF REGISTERED PHOTO STUDIOS
Instructions to Registered Photo Studio Owners when sending photos online