වැදගත් නිවේදන
2012 ජනවාරි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවට පැමිණෙන සියළුම සංචාරකයින්ට හා ව්‍යාපාරික සංචාරකයින්ට ශ්‍රීලංකාවට ඇතුළුවීම සඳහා විද්‍යුත් සංචරණ අනුමැතිය (ETA) ලබා තිබිය යුතුය. වැඩිදුර විස්තර සඳහා https://www.eta.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
තෙවන පාර්ශවයක් මගින් විද්‍යුත් සංචරණ අනුමැතිය (ETA) සඳහා අයදුම් කිරීමේදී අපගේ https://www.eta.gov.lk වෙබ් අඩවියෙහි කටයුතු සළසා ඇති පරිදි ගෙවීම් සිදු කර විද්‍යුත් සංචරණ අනුමැති අයදුම්පත ලැබුණු බවට ලැබුම් හැඟවුම ලබා ගන්න. වලංගු විද්‍යුත් සංචරණ අනුමැතියක් ලබා ගැනීම සඳහා වෙනත් වෙබ් අඩවි හෝ නියෝජිතායතනවලට කරනු ලබන ගෙවීම් වලංගු නොවේ. එබැවින් ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ වාරයකදී නැවත ගෙවීම් කිරීමක් වලක්වා ගැනීම සඳහා විද්‍යුත් සංචරණ අනුමැති නිල වෙබ් අඩවියට පිවිස ගෙවීම් කිරීමට සැමවිටම වගබලා ගන්න.
කාර්යාල වේලාවන් මොනවාද?
සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හිදි කාර්යාලය වසා ඇත.
ශ්‍රී ලාංකික වීසා බලපත්‍රයක් යනු කුමක්ද?
ශ්‍රී ලාංකික වීසා බලපත්‍රයක් යනු ශ්‍රී ලාංකික නොවන අයෙකුට රටට ඇතුළුවීම සඳහා නීත්‍යානුකූලව පහසුකම් සලසන හා ඔවුන් රටේ රැඳී සිටින කාලසීමාව හා එම රැඳී සිටීම පාලනය කෙරෙන කොන්දේසි දැක්වීමට විදේශ ගමන් බලපත්‍රයේ යොදනු ලබන පිටසනක් හෝ ඒ හා සමාන ලේඛනයකි.
ශ්‍රී ලාංකික වීසා බලපත්‍ර වර්ග මොනවාද?
පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට සහ/හෝ රැඳි සිටීමට අවසර දෙනු ලබන වීසා වර්ග 3ක් ඇත.
පැමිණිමේ වීසා බලපත්‍රයක් යනු විදේශිකයකුට මෙරටට ඇතුළුවීම සඳහා ශ්‍රී ලංකා රජයේ කැමැත්ත සටහන් කෙරෙන ඇතුළු වීමේ අවසරපත්‍රයකි. මෙම වීසා බලපත්‍රයෙහි රැඳී සිටීමේ කාලසීමාව හා කොන්දේසි පිළිබඳ විස්තර අඩංගුවේ.
පැමිණිමේ වීසා යටතේ උප කාණ්ඩ දෙකක් ඇත.:-
සංචාරක වීසා
කෙටි කාලයක් සඳහා දර්ශනීය ස්ථාන නැරඹීම සඳහා හෝ නිවාඩු ගත කිරීම සඳහා, මිතුරන් හෝ නෑදෑයන් බැලීම සඳහා, වෛද්‍ය ප්‍රතිකාර සඳහා, චිත්‍ර, සංගීත හා නැටුම් ඉසව්වලට සහභාගී වීම සඳහා, ක්‍රීඩා ඉසව් නැරඹීම සඳහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවශ්‍ය නිර්ව්‍යාජ සංචාරකයින් සඳහා සංචාරක වීසා බලපත්‍රයක් නිකුත් කෙරේ.
ව්‍යාපාරික අරමුණු වීසා
කෙටි කාලයක් සඳහා ව්‍යාපාරික අරමුණු සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ජාතිකයින් වෙත ව්‍යාපාරික අරමුණු වීසා බලපත්‍රයක් නිකුත් කෙරේ. මෙම වීසා බලපත්‍රය තනි හෝ බහු වාර පිවිසුම් සඳහා නිකුත් කළ හැක.
වාස වීසා බලපත්‍රයක් යනු ශ්‍රී ලාංකික නොවන අයෙකුට විශේෂ අරමුණු සඳහා නේවාසික පහසුකම් ලබා ගැනීමේ අවසර පත්‍රයකි.
වාස වීසා යටතේ එන උප කාණ්ඩ දහ තුනක් (13) ක් ඇත.
මා අයත් වන්නේ කුමන යෝග්‍යතා කාණ්ඩයටද?
රැකියා කාණ්ඩය
රාජ්‍ය නොවන සංවිධාන හෝ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට අනුයුක්තව සිටින කාර්ය මණ්ඩල සහ ඔවුන්ගෙන් යැපෙන්නන්
1954 ඉන්දු-ලංකා ගිවිසුම මගින් ආවරණය වන ලියාපදිංචි ඉන්දියානුවන්.
හිටපු ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ යැපෙන්නන්
ශ්‍රී ලාංකිකයෙකුගේ පවුලේ සාමාජිකයන්
රාජ්‍යතාන්ත්‍රික සහ නිල වීසා
මගේ සිහින නිවස (My Dream Home) වීසා වැඩසටහන
නේවාසික ආගන්තුක වීසා (Resident Guest) වීසා වැඩසටහන
වෛද්‍ය වීසා
මාර්ගස්ථ වීසාවක් යනු විදේශීය ජාතිකයකුට වෙනත් ගමනාන්තයක් කරායන අතරතුර අනියම් වශයෙන් කෙටි කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ලබා දෙන ඇතුළුවීමේ අවසරපතකි.
වීසා ගාස්තු ගෙවීමෙන් නිදහස් වීමට සුදුසුකම් ලබන්නේ කවුද?
ගෙවීම් රහිත වීසා බලපත්‍ර සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?
රාජ්‍යතාන්ත්‍රික හෝ රාජකාරී විදේශ ගමන් බලපත්‍රයක් හෝ වලංගු රාජ්‍යතාන්ත්‍රික හෝ නිල පිටසනක් සහිත විදේශ ගමන් බලපත්‍රයක් දරන්නා. ඔවුන් වීසා බලපත්‍රය සඳහා කිසිදු ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය නොවේ. මේ සඳහා අදාල රේඛීය අමාත්‍යංශයේ නිර්දේශ අවශ්‍ය වේ.
රාජ්‍යතාන්ත්‍රික / රාජකාරී සහ සේවා ගමන් බලපත්‍ර දරන්නන් සඳහා ඔවුන්ගේ කෙටිකාලීන රාජ්‍යතාන්ත්‍රික හෝ නිල සංචාර වෙනුවෙන් වීසා බලපත්‍රයක් ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කිරීමේ ගිවිසුම්වලට ශ්‍රී ලංකාව එළඹී ඇති රටවල් මොනවාද?
රටවල් ලැයිස්තුව සහ අවසර දී ඇති කාලසීමාව කරුණාකර මෙහි ඇති සබැඳුම හරහා බලන්න.
ශ්‍රී ලාංකික වීසා සඳහා සපුරාලිය යුතු සාමාන්‍ය අවශ්‍යතා මොනවාද?
ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඔබට වීසා බලපත්‍රයක් ලබා දීම හෝ නිකුත් කිරීම සිදු කරනු ඇත.
පැමිණිමේ වීසා බලපත්‍රයක සාමාන්‍ය කොන්දේසි මොනවාද?
වාස වීසා බලපත්‍රයක සාමාන්‍ය කොන්දේසි මොනවාද?
මාර්ගස්ථ වීසා බලපත්‍රයක සාමාන්‍ය කොන්දේසි මොනවාද?
ඔබගේ සම්බන්ධක ගුවන් ගමන සඳහා ඔබ පැය 24කට වැඩි කාලයක් රැඳී සිටින්නේ නම්, https://www.eta.gov.lk. හරහා ඔබ මාර්ගස්ථ වීසා බලපත්‍රයක් අයදුම් කළ යුතුය. එය වලංගු වන්නේ පැය 48කට පමණි.