කලාපයේ ප්‍රමුඛතම ආගමන හා විගමන සේවාව බවට පත්වීම.
ජාතික ආරක්ෂාව හා සමාජ හර පද්ධතිය සුරක්ෂිත කිරිම සහ ආර්ථික සංවර්ධනයට ඉඩ ප්‍රස්ථා සලසමින් රටින් බැහැරවන්නන් හා ඇතුළුවන්නන් නියාමනය කිරිම සහ පුරවැසි සේවා සැපයීම.
1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ පූර්විකාවේ සඳහන් පරිදි පහත විධිවිධාන සකස් කිරීමට එය බලාත්මක කර තිබේ.
1949-11-01 වන දින සිට ආගාමික හා විගාමික පනත ක්‍රියාවට නැංවින. පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ස්ථාපනය කර ඇත.
පනතේ 4 වගන්තියේ විධිවිධාන යටතේ පත්කර ඇති පාලකයාට සහ අනෙකුත් නිලධාරීන්ට ආගාමික හා විගාමික පනත මගින් හෝ යටතේ ප්‍රදානය කර ඇති පනවා ඇති හෝ පවරා ඇති බලතල, කාර්යය හෝ කර්තව්‍ය, ක්‍රියාත්මක කිරීමේ, ඉටුකිරීමේ හෝ කිරීමේ බලය පවරා ඇත. 2 වන වගන්තිය හෝ 31 වන වගන්තිය හෝ 52 වන වගන්තිය මගින් ප්‍රදානය කර ඇති බලතල අමාත්‍යවරයා විසින්ම ක්‍රියාවේ යෙදවිය යුතුය. (පනතේ 4.5.6 සහ 7 වගන්ති බලන්න / පරිපාලනමය විධිවිධාන සඳහා ආගාමික හා විගාමික පනතේ 11 වන කොටස බලන්න)
ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින් ශ්‍රී ලංකාවට ඇතුල් වීම පනතේ III වන කොටසේ විධිවිධාන මගින් පාලනය කර තිබේ. අනුමත ඇතුල්වීමේ තොටුපලවල්. ඇතුල්වීමේදී අවශ්‍ය ලියකියවිලි, ශ්‍රී ලංකාවට ඇතුල්වීමට හා රැඳි සිටීමට අවශ්‍ය වීසා, පැමිණීමේදී අවශ්‍ය වෛද්‍ය සහ අනෙකුත් පරීක්ෂණ, පුද්ගලයින් සහ ඔවුන්ගේ බඩුබාහිරාදිය පරීක්ෂා කිරීම, ශ්‍රී ලංකාවේ රඳවා ගන්නා සහ ලංකාවෙන් ඉවත් කරන සමහර පුද්ගලයින් යනාදියට අදාළ විධිවිධාන මෙම කොටස යටතේ සඳහන් කර ඇත.
පනතේ IV වන කොටස මගින් ප්‍රදානය කර ඇති බලතල මගින් ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින් ලංකාවේ රැඳි සිටින කාලය තුල සිදුකරන ක්‍රියාකාරකම් පරීක්ෂා කෙරේ..
ශ්‍රී ලාංකික නොවන පුද්ගලයින් අවශ්‍ය විටදී ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීම හෝ පිටුවහල් කිරීම පනතේ V සහ VI කොටස් වලින් ප්‍රදානය කර ඇති බලතල මගින් සිදු කෙරේ.
පනතේ VII වන කොටස මගින් පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් බැහැර වීම පාලනය කෙරේ. බැහැර වීම සඳහා අනුමත තොටුපළවල්, වලංගු ගමන් බලපත්‍රයක අවශ්‍යතාවය. ඒ හා සම්බන්ධ රෙගුලාසි සැකසීමට අදාළ විධිවිධාන මෙම කොටසේ අඩංගු වේ. මෙම කොටසේ විධිවිධාන ශ්‍රී ලාංකික පුරවැසියන්ට මෙන්ම විදේශිකයන්ට අදාළ වේ.