ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



ප්‍රත්‍යන්ත පාලනය

තොටුප ශාඛාව

ජාතික ආරක්‍ෂාව තහවුරු කරමින් හා ආර්ථික සංවර්ධනයට  දායකත්වයක් දක්වමින්  ශ්‍රී ලංකාවේ අනුමත තොටුපළවල් හරහා මෙරටට පැමිණෙන හා මෙරටින් පිටව යන විදේශිකයන්ට මෙන්ම  ශ්‍රී ලාංකිකයන්ටද කාර්යයක්ෂම සේවාවන් ලබාදීම මෙම ශාඛාව මගින්  සිදුවන ප්‍රධාන කාර්යයන් වේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 6 වන මහලේ, ඒ හා බී කොටස්වල පිහිටා ඇති තොටුපළ ශාඛාව අදාළ පහසුකම් සැපයීමත්, වෙනත් ආධාරක සේවා සැපයීමත් සමඟින් විමර්ශන කටයුතු සිදුකිරීමේ කාර්යයන්ද ඉටු කරනු ලබයි.

අනුමත ඇතුළුවීමේ හා පිටත්වීමේ තොටුප

ගුවන්තොටුප

  1. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුප - කටුනායක
  2. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුප
  3. කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුප - රත්මලාන
  4. යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුප
  5. කොග්ගල ගුවන්තොටුප
  6. මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුප

වරාය

  1. කොළඹ වරාය
  2. ගාල්ල වරාය
  3. හම්බන්තොට ජාත්‍යන්තර වරාය
  4. ත්‍රිකුණාමල වරාය
  5. කන්කසන්තුරේ වරාය
  6. තලෛමන්නාරම් ජැටිය
  7. නොරොච්චෝලෙ වරාය
  8. ඔලුවිල් වරාය

කාර්යයන්

  1. ශ්‍රී ලංකාවට පැමිණෙන හා ශ්‍රී ලංකාවෙන් පිටවන මඟීන්ගේ නිෂ්කාශන කටයුතු ඉටුකිරීම.
  2. විද්‍යුත් සංචරණ අනුමැතිය (ETA) නොමැතිව ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් හට තොටුපළවලදී විද්‍යුත් සංචරණ අනුමැතිය (ETA) ලබා දීම.
  3. ශ්‍රී ලංකාවේ අනුමත වරායක නැංගුරම් ලා තිබෙන නැවක නාවික කාර්ය මණ්ඩලයට තාවකාලිකව ගොඩබිමට ඇතුල්වීම සඳහා අවසර පත් නිකුත් කිරීම.
  4. ශ්‍රී ලංකාවට පැමිණෙන නාවික කාර්ය මණ්ඩල සඳහා බැඳුම්කර (ස්ටිකර්) නිකුත් කිරීම
  5. ශ්‍රී ලංකාව තුල විදෙස් තානාපති කාර්යාල පිහිටුවා නැති රටවල් සඳහා වීසා ලබා ගැනීමට අවශ්‍ය වන පුද්ගලයන්ගේ ගමන් බලපත් විදේශ තානාපති කාර්යාල ඇති රටවල් වෙත දූත සේවාවන් (Courier) මඟින් යැවීම /තෙවැනි පාර්ශ්වයක් මගින් යැවීම සඳහා අනුමැතිය ලබා දීම.
  6. විදේශ ගත වූ මඟීන්ගේ ආගමන විගමන තොරතුරු ඇතුලත් ලිපි විවිධ ආයතනවල අවශ්‍යතාව අනුව නිකුත් කිරීම.
  7. රටින් පිටවීමට හා මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උසාවි මගින් පනවා ඇති තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම හා විවිධ ආයතන විසින් පුද්ගලයන් රටින් පිටවීම හා රටට පැමිණීම පිළිබඳව විමසා එවන ලිපි සම්බන්ධ රාජකාරී ඉටු කිරීම.
  8. පෙර ශ්‍රී ලාංකීය පුරවැසිභාවය හිමිව තිබූ පුද්ගලයින්ගේ මිනිස් දේහ සහ මිනිස් භෂ්මාවශේෂ ගෙන්වා ගැනීම සඳහා  විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කරනු ලබන ඉල්ලීම්වලට අනුමැතිය ලබා දීම.
  9. ශ්‍රී ලංකාවෙන් පිටවීමේදීත්, ශ්‍රී ලංකාවට පැමිණීමේදීත් තොටුපළවලදී මඟීන් විසින් සම්පූර්ණ කළ යුතුවන ආගමන/ විගමන පත්‍රිකා නිකුත් කිරීම.
  10. තොටුපළවලට අනුයුක්ත ආගමන හා විගමන නිලධාරීන්ගේ සේවාවන් මෙහෙය වීම, අධීක්ෂණය කිරීම, සමාලෝචනය කිරීම හා යාවත්කාලීන කිරීම.
  11. වෘත්තීය දියුණුවට මඟ සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස් කාර්යාලවල සහ තානාපති කාර්යාලවල සහාය ඇතිව ආගමන හා විගමන නිලධාරීන් සඳහා දේශීය හා විදේශීය පුහුණු පාඨමාලාවන් සම්බන්ධීකරණය කිරීම

ප්‍රධාන කාර්යාලයේ තොටුපළ අංශය මඟින් සපයනු ලබන සේවාවන්

  1. ගමන් බලපත්‍ර ශ්‍රී ලංකාවෙන් පිටතට යැවීමටත්, මෙරටට එවීමටත් අනුමැතිය දීම
    1. කුරියර් දූත සේවයක් මඟින්
    2. තෙවන පාර්ශවයක් මඟින්

      අවශ්‍ය ලිපි ලේඛන
      1. විදේශ ගමන් බලපත්‍රය හා එහි ජීව දත්ත පිටුවේ පිටපතක්
      2. විදේශ ගමන් බලපත්‍ර හිමිකරුගෙන් ලබාගත් ඉල්ලීම් ලිපියක්
      3. දූත සේවාව විසින් කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපියක් හා එහි පිටපතක්
      4. විදේශ ගමන් බලපත්‍රය යැවීමේ හේතු සඳහන් කෙරෙන අදාළ ලිපි ලේඛන
      5. වයස අවුරුදු 16ට අඩු දරුවෙකුගේ විදේශ  ගමන් බලපත්‍රයක්  යැවීමේදී, දෙමව්පියකුගේ කැමැත්ත ප්‍රකාශ කෙරෙන ලිපියක්ද දරුවාගේ උප්පැන්න සහතිකයේ ඡායා පිටපතක් සමඟ ඉදිරිපත් කළ යුතුය.
      6. විදේශ ගමන් බලපත්‍රයක් තෙවැනි පාර්ශ්වයක් මගින් යැවීමේදී, පහත සඳහන් ලේඛන ඉදිරිපත් කළ යුතුය.
        • ඔහු/ඇය වෙනුවෙන් විදේශ ගමන් බලපත්‍රය රැගෙන යාමට තෙවන පාර්ශවයක් නම් කරමින් ගමන් බලපත්‍ර හිමියාගෙන් ඉල්ලීම් ලිපියක්
        • විදේශ ගමන් බලපත්‍ර හිමියා වෙනුවෙන් විදේශ ගමන් බලපත්‍රය අතේ රැගෙන යාමට ආගමන විගමන පාලක ජනරාල් වෙතින් තෙවන පාර්ශවය විසින් කරනු ලබන ඉල්ලීම් ලිපියක්
      7. විදේශ දූත මණ්ඩල ශාඛාවෙන් නිකුත් කරනු ලබන විදේශ ගමන් බලපත්‍රයක් විදේශයකට යැවීමේදී පහත සඳහන් ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුය.
        • නව විදේශ ගමන් බලපත්‍රය හා එහි ජීව දත්ත පිටුවේ පිටපතක්
        • විදේශ ගමන් බලපත්‍ර හිමියා ගේ ඉල්ලීම් ලිපිය මත විදේශ දූත මණ්ඩල ශාඛාවෙන් ලබා දුන් පිටසන
        • බලයලත් පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්
        • එසේ සිදු කිරීම සඳහා බාරගත් බවට කුරියර් සේවාවේ ලිපියක් හා එහි පිටපතක්
        • තෙවැනි පාර්ශ්වයක් මගින් යැවීමේදී එකී විදේශ ගමන් බලපත්‍රය එහි හිමිකරුවා වෙත ලබාදෙන බවට කැමැත්ත ප්‍රකාශ කෙරෙන තෙවැනි පාර්ශ්වයේ ලිපිය

          සටහන: ඉහත සඳහන් කාර්යයන් සඳහා එක් විදේශ ගමන් බලපත්‍රයකට  රු 2,000.00ක ගාස්තුවක් අයකෙරේ. කාර්යාල දිනයක පෙ.ව. 9.00 සිට ප.ව 3.00 දක්වා ගෙවීම් සිදු කළ හැකිය.
           
  2. විදේශික නාවික කාර්ය මණ්ඩල සඳහා බැඳුම්කර (ස්ටිකර්) නිකුත් කිරීම

    නාවික කාර්ය මණ්ඩලවල සෑම සාමාජිකයකුම රටට ඇතුළුවීමට ප්‍රථම බැඳුම්කරයකට අත්සන් කළ යුතුය. ශ්‍රී ලංකාවට ඇතුල්වන නැව්වල සේවය කරන විදේශිකයින් හා නැව්වල සේවය සම්පූර්ණ කර ශ්‍රී ලංකාවෙන් බැහැර වන විදේශිකයින් සඳහා මෙම බැඳුම්කර නිකුත් කරනු ලැබේ.  රටට ඇතුළුවන්නාගේ මෙරට නියෝජිතයා විසින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට අදාළ බැඳුම්කර ගාස්තුව ගෙවිය යුතු‍වේ. අදාළ ගාස්තු ගෙවීමෙන් පසු තීරු සංකේත සහිත ස්ටිකරයක් නියෝජිතයන් වෙත නිකුත් කරනු ලැබේ.

    සටහන:  ඉහත කාර්යයන් සඳහා එක් බැඳුම්කර ස්ටිකරයක් සඳහා ඇ. ඩො. 25 ක ගාස්තුවක් අයකෙරෙන අතර කාර්යාල දිනයක පෙ.ව. 9.00 සිට ප.ව 3.00 දක්වා පමණක් ගෙවීම් සිදු කළ හැකිය.
     
  3. රජයේ ආයතනයන්ගේ ඉල්ලීම් පදනම් කරගනිමින් පුද්ගලයන්ගේ ගමන් විස්තර ලබාදීම.
     
  4. ද්විත්ව පුරවැසියන්ගේ සහ ‍පෙර ශ්‍රී ලාංකීය පුරවැසිභාවය හිමිව තිබූ පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර සඳහා  ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍රවලින් පැමිණීමේ පිටසන මාරු කිරීම.
     
  5. පරිරෝධනය කරන ලද විදේශ ගමන් ලිපිලේඛන ශ්‍රී ලංකාවේ අදාළ විදේශ දූත මණ්ඩල වෙත භාරදීම.
     
  6. විවිධ පාර්ශ්වකරුවන් වෙත  ලිපි සැකසීම.
     
  7. ශ්‍රී ලංකාවේ හෝ විදේශයන්හි අතුරුදන් වූවන්ගේ ගමන් තොරතුරු ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයන් වෙත ලබාදීම.
     
  8. පෙර ශ්‍රී ලාංකීය පුරවැසිභාවය හිමිව තිබූ පුද්ගලයින්ගේ මිනිස් දේහ සහ මිනිස් භෂ්මාවශේෂ ගෙන්වා ගැනීම සඳහා  විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් කෙරෙන ඉල්ලීම් සඳහා අනුමැතිය ලබා දීම


ඇමතුම් තොරතුරු
ලිපිනය – තොටුපළ අංශය, 06 මහල, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව,  "සුහුරුපාය", බත්තරමුල්ල
දුරකථනය - +94 11 2 101581
විද්‍යුත් ලිපිනය - dcports@immigration.gov.lk
                       aoports@immigration.gov.lk
                       hoports@immigration.gov.lk

නිලධාරී ඇමතුම් තොරතුරු

නියෝජ්‍ය පාලක (ප්‍රත්‍යන්ත පාලන) රා. ආ. ටි. ආර්. එම්. එස්. ගුණරත්න මහතා
  +94 11 2 101560
සහකාර පාලක (බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ) එම්. ඩබ්ලිව්. ජේ. ඩී. ජයමාන්න මහතා
  0112263974
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ –  පැමිණීමේ පර්යන්තය 0112253092
                                                                පිටත්වීමේ පර්යන්තය 0112252373
බලයලත් නිලධාරී (තොටුපළ ශාඛාව) - ප්‍රධාන කාර්යලය 0112101581
කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපළ - රත්මලාන 0115219717
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ 0472031906
කොළඹ වරාය 0112483266
ගාල්ල වරාය 0912227111
ත්‍රිකුණාමලය වරාය 0265678280
හම්බන්තොට ජාත්‍යන්තර වරාය 0475480020

 




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
14658907