ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශයකදී ශ්‍රී ලාංකේය අනන්‍යතාවය



සාමාන්‍ය තොරතුරු

වැදගත් නිවේදන

2024 සැප්තැම්බර්  27 වැනි  දින සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සියළු සංචාරකයින්ට හෝ ව්‍යාපාරික සංචාරකයින්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා විද්‍යුත් සංචරණ අනුමැතිය ලබා ගත හැක. වැඩිදුර විස්තර සඳහා https://eta.gov.lk වෙත පිවිසෙන්න.

තෙවන පාර්ශ්වයක් විසින් විද්‍යුත් සංචරණ අනුමැතිය සඳහා අයදුම් කරනු ලබන විට https://eta.gov.lk   වෙබ් අඩවියෙහි කටයුතු සළසා ඇති පරිදි ගෙවීම් සිදු කළ යුතුවේ. එබැවින් ශ්‍රී ලංකාවට ඇතුළුවීමේ වරායේදී නැවත ගෙවීම් වලක්වාලමින්, විද්‍යුත් සංචරණ අනුමැති නිල වෙබ් අඩවියට පිවිස ගෙවීම් කිරීමට සැමවිටම සහතික වන්න.

කාර්යාල වේලාවන් මොනවාද?

  • බත්තරමුල්ලේ, ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී සියළු අයදුම්පත් භාරගැනීම : පෙ.ව. 8.30 සිට ප.ව. 2.00 දක්වා (ටෝකන් අංක නිකුත් කරනු ලබන්නේ ප.ව. 2.00 දක්වා පමණි. )
  • අයදුම්පත් බාරදීමෙන් පසුව වීසා බලපත් ලබා ගැනීම  : අයදුම්පත් බාරදුන් වෙලාවේ සිට පැය 2.30 කින් පසුව වීසා බලපත් ලබා ගත හැකිවේ.  වීසා බලපත් ලබා ගැනීම සඳහා අයදුම්පත් බාරදුන් දිනය හැර වෙනත් දිනයක් නියම කර ඇත්නම් එම වීසා බලපත් අදාළ දිනයේ පෙව. 9.00 සිට පව. 12.00 දක්වා කාලසීමාව ඇතුලතදී  ලබා ගත හැකිවේ.
  • ගෙවීම් සිදු කරනු ලබන (සරප්) කවුළු ප.ව. 3.30 ට වසනු ලැබේ.

    සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන්හිදි කාර්යාලය වසා ඇත.

ශ්‍රී ලාංකික වීසා බලපත්‍රයක් යනු කුමක්ද?

ශ්‍රී ලාංකික වීසා බලපත්‍රයක් යනු ශ්‍රී ලාංකික නොවන අයෙකුට නීත්‍යානුකූලව රටට ඇතුළුවීම සඳහා පහසුකම් සලසනු ලබන හා ඔවුන් රටේ රැඳී සිටින කාලසීමාව හා එම රැඳී සිටීම පාලනය කරනු ලබන කොන්දේසි නියාමනය කිරීම සඳහා විදේශ ගුවන් ගමන් බලපත්‍රයේ  හෝ ඒ හා සමාන ලේඛනයක යොදනු ලබන පිටසනකි.

ශ්‍රී ලාංකික වීසා බලපත්‍ර වර්ග මොනවාද?

පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට සහ/හෝ රැඳී සිටීමට අවසර දෙනු ලබන වීසා වර්ග 3ක් ඇත.

පැමිණීමේ වීසා (Visit Visa)

පැමිණීමේ වීසා යනු විදේශීය ජාතිකයකු මෙරටට ඇතුළු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ අභිමතය සනිටුහන් කෙරෙන ඇතුළු වීමේ අවසරපත්‍රයකි. වීසා බලපත්‍රයේ රැඳී සිටීමේ කාලසීමාව හා කොන්දේසි/ය පිළිබඳ විස්තර අඩංගුවේ.

පැමිණීමේ වීසා යටතේ ගැනෙන උප කාණ්ඩ දෙකක් ඇත.:-

  1. සංචාරක වීසා

    කෙටි කාලසීමාවක් සඳහා දර්ශන නැරඹීම සඳහා  හෝ නිවාඩු ගත කිරීම සඳහා, මිතුරන් හා නෑදෑයන් බැලීම සඳහා, වෛද්‍ය ප්‍රතිකාර සඳහා, චිත්‍ර, සංගීත හා නැටුම් ඉසව්වලට සහභාගී වීම සඳහා, ක්‍රීඩා ඉසව්වලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවශ්‍ය නිර්ව්‍යාජ සංචාරකයින් සඳහා සංචාරක වීසා බලපත්‍රයක් නිකුත් කෙරේ. මෙම වීසා බලපත්‍රය තනි හෝ ද්විත්ව ප්‍රවේශයක් සඳහා නිකුත් කරනු ලැබේ.

  2. ව්‍යාපාරික අරමුණු වීසා

    කෙටි කාල සීමාවක් සඳහා ව්‍යාපාරික අරමුණු උදෙසා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ජාතිකයින් වෙත ව්‍යාපාරික අරමුණු වීසා බලපත්‍රයක් නිකුත් කෙරේ. මෙම වීසා බලපත්‍රය තනි, ද්විත්ව හෝ බහු වාර ගමන් සඳහා නිකුත් කළ හැක.

පැමිණීමේ වීසා බලපත්‍ර දීර්ඝ කිරීම

වැඩිදුර විස්තර සඳහා මෙම ස්ථානය මත ක්ලික් කරන්න.

වාස වීසා

වාස වීසා බලපත්‍රයක් යනු ශ්‍රී ලාංකික නොවන අයෙකුට විශේෂ අරමුණු සඳහා නේවාසික පහසුකම් ලබා ගැනීමේ අවසර පත්‍රයකි.

වාස වීසා යටතේ එන උප කාණ්ඩ දහතුනක් (13) ක් ඇත.

මා අයත් වන්නේ කුමන යෝග්‍යතා කාණ්ඩයටද?

  1. රැකියා කාණ්ඩය

    • රජය විසින් අනුමත කරන ලද ව්‍යාපෘති සඳහා සේවා අවශ්‍ය වන වෘත්තීය කාර්යය මණ්ඩල
    • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) යටතේ ව්යා පෘතිවල සේවයේ නියුතු විදේශගත කාර්ය මණ්ඩල සහ ඔවුන්ගෙන් යැපෙන්නන්
    • බැංකුවල සේවයේ නියුතු කාර්ය මණ්ඩල සහ ඔවුන්ගේ යැපෙන්නන්
    • ලියාපදිංචි පුද්ගලික සමාගම්වල / ලියාපදිංචි පුද්ගලික ආයතනවල සේවයේ නියුතු කාර්ය මණ්ඩල
    • කොළඹ වරාය නගරයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩල
       
  2. ආයෝජක කාණ්ඩය
    • ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රාග්ධනය ආයෝජනය කිරීමට කැමති තැනැත්තන්
    • ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතුවල නියැලෙන තැනැත්තන්
     
  3. ආගමික කාණ්ඩය
    • පැවිදි සාමාජිකයන්
    • ආගමික කටයුතුවල නිරතව සිටින කාර්ය මණ්ඩල
       
  4. ශිෂ්‍ය කාණ්ඩය
    • විශ්වවිද්‍යාල සිසුන්
    • රජය විසින් අනුමත කරන ලද අධ්‍යාපනික ආයතනවල සිසුන්
    • ස්වේච්ඡා සේවකයන්
       
  5. රාජ්‍ය නොවන සංවිධාන හෝ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට අනුයුක්තව සිටින කාර්ය මණ්ඩල සහ ඔවුන්ගෙන් යැපෙන්නන්

  6. 1954 ඉන්දු-ලංකා ගිවිසුම මගින් ආවරණය වන ලියාපදිංචි ඉන්දියානුවන් - දිර්ඝ කිරීම් පමණි.

  7. හිටපු ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ යැපෙන්නන්

  8. ශ්‍රී ලාංකිකයෙකුගේ පවුලේ සාමාජිකයන්

    • කලත්‍රයන් සහ ඔවුන්ගේ යැපෙන්නන්
    • විදේශික ජාතිකත්වය දරන දරුවන්
       
  9. රාජ්‍යතාන්ත්‍රික සහ නිල වීසා

    • ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩලයකට අනුයුක්තව සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ නිලධාරීන්
    • ඔවුන්ගේ කලත්‍රයින් සහ යැපෙන්නන්
       
  10. මගේ සිහින නිවස (My Dream Home)  වීසා වැඩසටහන - වත්මන් වීසා බලපත්‍ර හිමියන් සඳහා දීර්ඝ කිරීම පමණි.

  11. නේවාසික ආගන්තුක වීසා (Residence Guest) වීසා වැඩසටහන - වත්මන් වීසා බලපත්‍ර හිමියන් සඳහා දීර්ඝ කිරීම පමණි.

  12. වෛද්‍ය වීසා

    • වෛද්‍ය ප්‍රතිකාර ලබන පුද්ගලයින්
    • වෛද්‍ය වීසා දරන්නාගේ වෛද්‍ය සහායක සහ යැපෙන්නන්
       
  13. අධිකරණ වීසා
    • අධිකරණයක් ඉදිරියේ පෙනී සිටිය යුතු, උසාවියක නඩුවක් පවතින පුද්ගලයා

මාර්ගස්ථ වීසා බලපත්‍ර

මාර්ගස්ථ වීසා බලපත්‍රයක් යනු විදේශීය ජාතිකයකුට වෙනත් ගමනාන්තයකට යන ගමනේදී අමතර වශයෙන් කෙටි කාල සීමාවක් සඳහා ශ්‍රී ලංකාවට ප්‍රවේශවීම සඳහා ලබා දෙන ඇතුළුවීමේ අවසරපතකි.

වීසා ගාස්තු ගෙවීමෙන් නිදහස් වීමට සුදුසුකම් ලබන්නේ කවුද?

  • ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසියන්.
  • 1948 පුරවැසි පනතේ 5(2) වගන්තිය යටතේ උපත ලියාපදිංචි කර ඇති වයස අවුරුදු 21 දක්වා වන දරුවන්.
  • විදේශීය ජාතිකත්වයක් දරන, ශ්‍රී ලාංකීය දෙමාපියන්ට දාව ශ්‍රී ලංකාවේදී උපත ලැබූ වයස අවුරුදු 21 ට අඩු දරුවන්.

ගෙවීම් රහිත වීසා බලපත්‍ර සඳහා සුදුසුකම් ලබන්නේ කවුද?

රාජ්‍යතාන්ත්‍රික හෝ රාජකාරී විදේශ ගමන් බලපත්‍රයක් හෝ වලංගු රාජ්‍යතාන්ත්‍රික හෝ නිල පිටසනක් සහිත විදේශ ගමන් බලපත්‍රයක් දරන්නා. රේඛීය අමාත්‍යාංශයේ නිර්දේශයට අනුව ඔවුන් වීසා බලපත්‍රය සඳහා කිසිදු ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය නොවේ.

රාජ්‍යතාන්ත්‍රික/රාජකාරී සහ සේවා විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා ඔවුන්ගේ කෙටිකාලීන රාජ්‍යතාන්ත්‍රික හෝ නිල සංචාර වෙනුවෙන් වීසා බලපත්‍රයන්ගෙන් නිදහස් කිරීමේ ගිවිසුම්වලට ශ්‍රී ලංකාව එළඹී ඇති රටවල් මොනවාද?

රටවල් ලැයිස්තුව සහ අවසර ලබා  දී ඇති කාලසීමාව මෙහි ඇති සබැඳුම හරහා කරුණාකර බලන්න.

ශ්‍රී ලාංකික වීසා සඳහා සපුරාලිය යුතු සාමාන්‍ය අවශ්‍යතා මොනවාද?

  1. ඔබ ශ්‍රී ලංකාවට ඇතුළු වීමට සුදුසු බවට ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සෑහීමකට පත් වන්නේ නම්,
  2. ඔබ ශ්‍රී ලංකාවට ඇතුළු වන අරමුණ ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන්නේ නම්,
  3. ඔබ ශ්‍රී ලංකාවට පැමිණි දින සිට අවම වශයෙන් මාස හයක කාලයක් සඳහා වලංගු විදේශ ගමන් බලපත්‍රයක් ඔබ සතුව ඇත්නම්,
  4. ශ්‍රී ලංකාවේ සිටියදී ඔබගේ නඩත්තුව සඳහාත්, ඔබගේ විදේශ ගමන් බලපත්‍රය නිකුත් කළ රටට ආපසු යාම සඳහාත් ගෙවීමට ප්‍රමාණවත් අරමුදල් ඔබ සතුව ඇති බවට ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සෑහීමකට පත්වේ නම්,
  5. ඔබ සංචාරක වීසා බලපත්‍ර හිමියෙකු නම් ඔබ පදිංචි රටට යාමට  ලිඛිත සහතිකයක් (ප්‍රවේශ පත්‍රයක්) හෝ ඊළඟ ගමනාන්ත රටට යාම සඳහා වීසා බලපත්‍රයක් ඔබ සතු වන්නේ නම්,

ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ඔබවෙත වීසා බලපත්‍රයක් ලබා දීම හෝ නිකුත් කිරීම සිදු කරනු ඇත.

පැමිණිමේ වීසා බලපත්‍රයක සාමාන්‍ය කොන්දේසි මොනවාද?

  • ඔබ ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාල සීමාව තුළදී වීසා බලපත්‍රයේ සඳහන් කර ඇති කාර්යයන් හැර වැටුප් සහිත හෝ රහිත වෙනත් කිසිදු ආකාරයක රැකියාවක හෝ වෙනත් කිසිදු වෘත්තියක හෝ ව්‍යාපාරයක නිරත නොවිය යුතුය.
  • වීසා බලපත්‍රයේ සටහන් කර ඇති කල් ඉකුත් වීමේ දිනයට පෙර ඔබේ වීසා බලපත්‍රය භාවිතා කළ යුතුය.
  • සඳහන් කර ඇති ඇතුල්වීමේ කාල සීමාව තුළ ශ්‍රී ලංකාවට ඇතුළු වීමට ඔබගේ වීසා බලපත්‍රයේ වලංගු භාවය යටත් වේ.
  • වීසා අනුමත නිවේදනයේ සඳහන් කර ඇති කාලසීමාව තුළදී සංචාරක වීසා බලපත්‍ර සඳහා එය තනි, ද්විත්ව හෝ බහු වාර  ප්‍රවේශ වන අතර ව්‍යාපාරික වීසා බලපත්‍ර සඳහා තනි, ද්විත්ව හෝ බහුවාර ප්‍රවේශයක්වේ.
  • සියලුම වීසා බලපත්‍ර දීර්ඝ කිරීම සඳහා අයදුම්පත්‍ර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට හෝ මෙහි ඇති. සබැඳිය හරහා මාර්ගගතව හෝ ඉදිරිපත් කළ යුතුය. දීර්ඝ කිරීම තනි ප්‍රවේශයක් සඳහා වන අතර ඔබ රටින් පිටවූ පසු එය අවලංගු වනු ඇත.
  • දැනට, මාර්ගගත ලෙස ව්‍යාපාරික වීසා බලපත්‍ර දීර්ඝ කළ නොහැක.

වාස වීසා බලපත්‍රයක සාමාන්‍ය කොන්දේසි මොනවාද?

  • ඔබගේ වීසා බලපත්‍රයේ සඳහන් කොන්දේසි හැර වෙනත් කිසිදු ආකාරයක ක්‍රියාකාරකමක ඔබ නිරත නොවිය යුතුය.
  • එය බහුවාර පිවිසුම් වීසා බලපත්‍රයකි.

මාර්ගස්ථ වීසා බලපත්‍රයක සාමාන්‍ය කොන්දේසි මොනවාද?

ඔබ  හා සම්බන්ධ ගුවන් ගමන සඳහා ඔබ පැය 24කට වැඩි කාලයක් රැඳී සිටින්නේ නම්,  ඔබේ පැමිණිමේදී, ඇතුළුවීමේ තොටුපලේදී හෝ ඔබේ පැමිණීමට පෙර ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලයෙන් හෝ ඔබ මාර්ගස්ථ වීසා බලපත්‍රයක් අයදුම් කළ යුතුය. එය වලංගු වන්නේ පැය 48කට පමණි.

විශේෂ නිවේදනය :

සීමා කරන ලද ජාතීන්හට ඇතුළුවීමේ තොටුපලේදී පැමිණීමේ සංචාරක වීසා බලපත්‍ර අයදුම් කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත.

 




අප හා එක් වන්න

අප අමතන්න

  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  • "සුහුරුපාය", ශ්‍රී සුභූතිපුර පාර,
  • බත්තරමුල්ල.
  • 1962 / +94 112 101 500
  • +94 011 2885 358
  • controller@immigration.gov.lk
26785190